උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 21 November 2019

අධිකරණය බැදුම්කර ගණුදෙනු පරීක්‍ෂණවල ප‍්‍රගතිය ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පෙබරවාරි මස 20 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එම විමර්ශනයට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

මෙම විමර්ශනයට අදාළව හිටපු මුදල් අමාත්‍යවරයාගෙන් ද, කථානායකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවත්, ඒ අනුව රවි කරුණානායක මහතාට අයත් බව කියන global transportation and logistics සමාගම පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ලබන පෙබරවාරි මස 20 වනදා කැඳවීමට නියම කළා.

 එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියෝග කළේ.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot