නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිව්රුම් දීම හෙට දින සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලේය.
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්විමක් අද කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි.
එහිදී අභාවප්‍රාප්ත වු හිටපු අගමැති දි මු ජයරත්න මහතාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට රැගෙන ඒම පිළිබඳවද සාකච්ඡා වු බව ඒ ද ඒ මහතා කියා සිටියි.
No comments:
Post a Comment