SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 24 November 2019

කැබ්නට් මණ්ඩලය මේ රටට හොද දෙයක් කරනවා නම් එයට පුර්ණ සහයෝගය ලබාදෙනවා...


කැබ්නට් මණ්ඩලය මේ රටට හොද දෙයක් කරනවා නම් එයට පුර්ණ සහයෝගය ලබාදෙන බව දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (එජාප) වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
කැබ්නට් මණ්ඩලය මේ රටට හොද දෙයක් කරනවානම් එයට තමන්ගේ පුර්ණ සහයෝගය ලබාදෙන බව කදුරට ජනතා පෙරමුණේ නායක ,දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ උප සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් රාධාක්‍රිෂණන් මන්ත්‍රිවරයා එ බැව් අද (24) කියා සිටියා.
මෙහිදි වැඩි දුරටත් මාධ්‍යයට අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා මෙසේ කියා සිටිහ.
අද මේ රටේ ජනතාව පිලිගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි මේ රටේ ජනාධිපති කියලා, එතුමා මේ දවස් කිහිපය තුල කරපු වැඩ අපි අගය කරනවා.
කැබිනට් මණ්ඩලය හොද දෙයක් මේ රටට කරනව නම් අපි එ අයට සහයෝගය ලබා දෙනවා,වතුකරයේ ජනතාවට හොද අනාගතයක් ලැබෙන්න ඕනි කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් , ඒ අයගේ පහසුකම් ලබා ගන්න කටයුතු කරන්න රජයට සහයෝගය දෙන්න අපි සුදානම්.
අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි කටයුතු කරන්නේ, තව අවුරුදු පහකට මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , දැන් ක්‍රියාත්මක වෙන්නේ එතුමාගේ යෝජනා , එ යෝජනා අතර හොද දෙයක් තියෙනව නම් අපි සහයෝගය දක්වන්න කැමති.
කවුරු හරි හොදක් කරනව නම් එකට සහයෝගය දෙන එක මට ගැටළුවක් නැ, දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙ උප සභාපති හැටියටත් , කදුරට ජනතා පෙරමුණේ නායකයා හැටියටත් මම ඒ තිරණය ගන්නවා.
ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි අපි  එක්සත් ජාතික පක්ෂය සමග තමයි තරග කරන්නේ, දමිල ප්‍රගිතිශිලි සන්ධානය සමග එකට ඉන්නවා.
රු දහස වැටුප හම්බෙනව නම් වතුකරයේ ජනතාව කැමති, ගෝඨාභය රාජපක්ෂ මහතා රු දහස ක් ලබා දෙනව නම් වතුකරයේ ජනාතාව එතුමාට සහයෝගය ලබා දෙයි.
රු දහසේ ප්‍රශ්නය අවුරුදු පහක් පමණ ඇදගෙන එන ප්‍රශ්නයක්, රු දහස ලබා නොදුන්නේ නම් ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි වතුකරයේ ජනතාවගෙන්  ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට  ප්‍රශ්නයක් වෙයි යනුවෙන් පැවසිය.


No comments:

Post a Comment

Post Top Ad