උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 27 November 2019

මුදල් හා දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව නඩුව 2020 ජනවාරි මස 27 වනදා දක්වා කල් යයි

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් මුදල් හා දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 27 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කලා.

 මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා අද දින පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වන  බැවින් අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

 ඒ අනුව නඩුව ජනවාරි මස 27 වනදා කැඳවීමට අධිකරණය නියම කළා.

 2010 වසරේ සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot