උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 27 November 2019

උතුරේ මහවිරු සැමරුමට සුදානම් වෙයි.

එල් .ටි. ටි සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු එල්. ටි. ටි සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් මහවිරු සොහොන සැරසීම මේ දිනවල පවත්වන බව උතුරේ ආරක්ෂක අංශ පවසති.

ආරක්ෂක අංශ පැවසුවේ මෙවර උතුරු පළාතේ ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන
කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ අද(27) සවස පැවැත්වීමට
සුදානම් කොට ඇති බවයි.

කිලිනොච්චිය කනගපුරම්,මුලතිව් අලම්පිල්,මුල්ලියාවේලි,මුල්ලිවයික්කාල්,
මල්ලාවි,වවුනියාව ඊච්චන්කුලම,මන්නාරම ප්‍රදේශයේ මහවිරු සොහොන් මේ වන විටත්
මහවිරු සැමරුම් සැමරීමට සරසා ඇති බව ආරක්ෂක අංශ පවසති.

පසුගිය වසරේදීද කිලිනොච්චිය කනගපුරම් මහවිරු කනත්ත කේන්ද්‍ර කර ගනිමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මහවිරු සැමරුම් වැඩසටහනක් පවත්වනු ලැබීණ.
එල්. ටි .ටි සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් .ටි. ටි
සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහවිරු සතිය නම්කොට තිබු අතර,සෑම වසරකම
නොවැම්බර් 21 වැනිදා සිට නොවැම්බර් 27 වැනිදා දක්වා මහවිරු සතිය එවක සමරනු
ලැබීය.

එල්. ටි .ටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වැනිදා යෙදී ඇති අතර,ඒ
වෙනුවෙන් එවක එල්. ටි. ටි සාමාජිකයින් විසින් මහා ජන සංහාර කරමින් ප්‍රභාකරන්ගේ
උපන්දිනය සැමරූහ.

නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම් අවසන් සැමරුම පවත්වන අතර කිලිනොච්ච්චිය
කනගපුරම්,මුලතිව් මුලංකාවිල්,වවුනියාව හා මන්නාරම ප්‍රදේශයන්ගේ මහවිරු
සො‍හොන් තුළ අදාළ සැමරුම් පැවැත්වීම එකළ එල්. ටි. ටි සංවිධානය සිදුකරනු ලැබීය.
1982 වසරේ නොවැම්බර් 27 වැනිදා ජිවිතක්ෂයට පත්වු ලුතිනන් සංකර් නමැති එල්. ටි. ටි
සාමාජිකයා මියයාම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් 27 වැනිදා සැමරුම්
වැඩසටහනක් පවත්වමින් මහවිරු සැමරීම ආරම්භ කොට තිබිණ.

1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් නිත්තකේයිකුලම ප්‍රදේශයේදී පළමු මහවිරු සැමරුම
එල් .ටි .ටි නායක ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ආරක්ෂක අංශ පවසති.

මහවිරු සොහොන් ප්‍රදේශයන්ගේ මහවිරු සැමරුම් වැඩසටහන් අද(27) සවස පැවැත්වීමට සුදානම් කොට ඇති බවද ආරක්ෂක අංශ පවසති.







No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot