උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 27 November 2019

මොහොමඩ් ෂියාම් මරා දැමීමේ චෝදනාවට මරණීය දණ්ඩනය ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනා ඉදිරිපත් කළ අභියාචනා තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් යයි

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාවට මරණීය දණ්ඩනය ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනා එම දණ්ඩනයට එරෙහිිව ඉදිරිපත් කළ අභියාචනා පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වුණා. 

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විභාගය අවසන් කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෂියාම් නමැත්තෙකු පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ දී මරා දැමීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

තමන්ට මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කර තිබුණි.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot