උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

නිදහස් පක්‍ෂයට පණ දෙන්න, ආණ්ඩුව වට්ටන්න වෙල්ගමගෙන් මෙහෙයුමක්.



හිටපු අමාත්‍යව කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවනු ලැබූ නව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟි ජනබලවේගය සමඟ එක්ව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි. ඊට අදාලව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටද නියමිතව ඇති බවටද තොරතුරු වාර්තා වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිළිබඳ කළකිරීමට පත්ව සිටින සියළු පාර්ශව ඒකරාශී කර ශක්තිමත් බලවේගයක් ලෙස කටයුතු කිරීම නව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂාව වී තිබෙනවා.

නව ලංකා නිදහස් පක්ෂය එළී දැක්වීමේ සමාරම්භක උත්සවය අද පිටකෝට්ටේදී පැවැත්වුණා. පිරිසිදු බණ්ඩාරණායක ප්‍රතිපත්තිය අනුව නව ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි මෙම උත්සවයේදී කුමාර වෙල්ගම මහතා පැවැසුවේ.

නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් ඉදිරිපත් කළා. එහිදි අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා පැවැසුවේ විකුණා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැවත සවිබල ගැන්වීම තම අපේක්‍ෂාව බවයි.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot