උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය මාර්තු 11 රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට ....


රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ.
සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කෙරේ.
ලිපි ලැබීමේ  ප්‍රමාදයක් ඇත්නම්  අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලා සිටී.
පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයැයි පත්වීම් ලිපියේ සඳහන් වුවද දැනට පත්වීම් ලිපි නොලැබූ පිරිස් ඒ ගැන සැකයක් ඇතිකරග යුතු නැත. දැනට පත්වීම් ලිපි ලැබූ පිරිස ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කළ යුතුය. ඔවුන්ගේ පැමිණීම ප්‍රාදේශීය ලේකම්වරයා සටහන් කරගනු ඇත.
“ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණුවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සලකනු ලැබේ යනුවෙන් සඳහන් වුවද එය ද බලාත්මක නොවන බව  රජය දැනුම් දෙයි.
මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව  මහ මැතිවරණය නිමා වී දින 05 කට පසු එළැඹෙන දිනකදී උපාධිධාරීන් සදහා පුහුණු වැඩසටහන ආරම්භ කෙරේ. ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනය කරනු ඇත.
අයැදුම්පත් සමග එවා තිබු තහවුරු කර ගැනීමට අවශ්‍ය, උපාධි සහ ඩිප්ලෝමා සහතික විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට යොමු කෙරිණ. ඊට විශාල කාලයක් ගත විය. ඉතා විනිවිදභාවයෙන් සහ සාධාරණ ක්‍රමවේදයකට උපාධිධාරීන් තෝරාගන්නා ලදී. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පිළිගන්නා දෙස්, විදෙස් විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් මේ සඳහා අයැදුම්කර තිබිණි.  දැනුම් දුන් මූලික නිර්නායක
සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සදහා සුදුසුකම් ලැබූ පිරිස 45,585කි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot