උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020

බිම් කොහොඹ ජාවාරමක්.

බිම් කොහොඹ ජාවාරමක්.

අප රටට පමණක් ආවේණික වූ බිං කොහොඹ ශාකය
ගලවමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කන්ඩලම රක්ෂිතයේදී
සැකපිට අත්අඩංගුවට ගැනීමට දඹුල්ල වනසංරක්ෂන
නිලධාරීන්ට 11 දින පස්වරුවේ හැකිවී තිබේ.
වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දඹුල්ල බීට්ටු වන නිලධාරී
අයි .එම් .දයානන්ද බණ්ඩා මහතාට ලැබුණු තොරතුරක් මත
වන සහකාරවරුන් සමග කණ්ඩලම රක්ෂිතයේ සෝදිසි
මෙහෙයුමක් ආරම්භ කොට තිබිණි.
ඒ අනුව වන සතුන්ට සහ මිනිසුන්ට ලඟාවීමට පවා දැඩි අසීරු
ගල්පර අතරේ හටගෙන තිබු වසර විස්සක් පමණ වයසැති බිං
කොහොඹ ගස් ගලවමින් සිටි පුද්ගලයන් දෙදෙනා බිං
කොහොඹ ශාක සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව වන
සංරක්ෂණ නිලධාරීන් කියති.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කණ්ඩලම ප්‍රදේශයේම
තරුණයන් දෙදෙනෙකි.
බිංකොහොඹ ශාකය ඖෂධීය ගුණයකින් යුතු බවත් වන සතුන්
නිරන්තරයෙන් බිංකොහොඹ ශාකය ආහාරයට ගැනීම නිසා ඉතා
දුර්ලභ මෙරටට ආවේණික ශාකයක් නිසා එය සංරක්ෂණ
ශාකයක් ලෙස නම් කොට ඇතැයි බීට්ටු වන නිලධාරී දයානන්ද
බණ්ඩා මහතා සඳහන් කළේය.
කාලයක් තිස්සේ ඉතා සංවිධානාත්මකව මෙම බිංකොහොඹ
ශාකය ගලවා අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වී ඇතැයි
හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
සැකකරුවන් දෙදෙනා සහ බිං කොහොඹ ශාකයන් 12 දින
දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත
බවද නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටියහ
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දඹුල්ල බීට්ටු වන නිලධාරී
දයානන්ද බණ්ඩා වන සහකාරවරුන් වන ආර්.ඒ .
සෙනවිරත්න එන් ජී .එල් . පත්මසිරි ඩී.එම් .ටී .එම්
දිසානායක යන නිලධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot