උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

විගණනේ ලොක්කන්ගේ කඹ ඇදිල්ලෙන් විගණන සේවාව අඩපණ වෙයි.

විගණන පරීක්‍ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීම හේතුවෙන් විගණන කටයුතු මුළුමනින්ම ඇණහිට තිබෙනවා. මෙම තත්ත්වයට විගණන කොමිෂමේ සභාපතිවරයා ඇතුළු විගණන කොමිෂම සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි විගණන පරික්ෂක සේවා සංගමයේ සංවිධායක ලේකම් එච්.එම්.කේ හේරත් මහතා පවසන්නේ.

ජාතික විගණන පනත මඟින් ශ්‍රි ලංකා රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කරන ලෙස නියම කර තිබෙනවා.  19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද රාජ්‍ය විගණන සේවය ස්ථාපනය කරන ලෙස රීතියක් පනවා ඇති අතර, 2018 අගෝස්තු 1 වන දින සිට මාස 3ක් ඇතුළත සේවා ව්‍යවස්ථාවක් යටතේ රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කොට  සියලු සේවකයින් එයට අන්තර් ග්‍රහනය කිරීමටද නියම කර තිබෙනවා. කෙසේ වෙතත් මේ දක්වා එම වගකීම ඉටුකර නොතිබීම හමුවේ බරපතල ගැටුළු රැසක් ඇති වී තිබෙන බවයි   විගණන පරික්ෂක සේවා සංගමයෙ පෙන්වා දෙන්නේ.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාද මෙම කටයුත්තට එකඟතාව පලකර ඇති බවත්, ජනාධිපතිවරයාගේ උපදෙස් හෝ පිළි නොගනිමින් විගණන කොමිෂමේ සභාපතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කරන බවත් එම සංගමයේ චෝදනාවයි. එමෙන්ම ව්‍යවස්ථානුකූල අයිතියක් වෙනුවෙන් කරන අරගලයට එරෙහිව විගණන කොමිෂමේ සභාපතිවරයා කෝපයෙන් මෙන් ක්‍රියාත්මක වන තත්ත්වයක් මේ වන විට නිරීක්‍ෂණය කළ හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot