උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

පූජ්‍ය පක්‍ෂයට නාමයෝජනා නෑ සමඟි ජන බලවේගය.



වැරදිකරුවන්ට හෝ විවිධ චෝදනා එල්ල වී ඇති, සහ සමාජ විරෝධී වැඩ කර ඇති කිසිවෙකුට හෝ නාමයෝජනා ලබා නොදීමට සමඟි ජනබලවේගය තීරණය කර තිබෙනවා. එමෙන්ම පූජ්‍ය පක්ෂයට ද නාමයෝජනා ලබා නොදෙන බවයි එම පජෂය පවසන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ ප්‍රතිපත්තිමය වශයෙන් තම පක්‍ෂය මෙම තීරණවලට එළඹි බවයි.

එමෙන්ම සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාගැනීමට අපේක්ෂා කරන සියළු දෙනා වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ මහලේකම්වරයා කියා සිටියේ මේ වනවිට අයදුම්පත් රැසක් ලැබී ඇති බවයි.

හංසයා ලකුණ සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බැවින් වෙනත් පොදු ලකුණක් තෝරා ගැනීම සම්බන්ධයෙන්ද මේ වන විට අවදානය යොමු වී තිබෙනවා. කෙසේ වෙතත් ලකුණ තෝරා ගැනීම බරපතල ගැටළුවක් නොවන බවයි මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ.

මේ අතර ඩුබායිහි සංචාරයක නිරතවීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂය මේ වන විට මුහුණ දී සිටින ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඔහු විශේෂ අවදානයක් යොමුකර ඇතැයිද තොරතුරු වාර්තා වනවා. එම ගැටළු නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා හා කරූ ජයසූරිය මහතා අතර අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවටද තොරතුරු වාර්තා වුණා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot