බැඳුම්කර වංචාවට අදාළව චෝදනා එල්ලවී ඇති රවී කරුණානායක මහතා ඇතුලු 12 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පස්වරුවේ විශේෂ නියෝගයක් නිකුත් කළා.
අදාළ වංචාවන් සම්බන්ධයෙන් රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුලු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කර තිබූ දැනුම්දීමට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොටුව මහේසත්රාත්වරයා ඉහත නියෝගය නිකුත් කළේ.
එමෙන්ම, එම පිරිස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වූ තීරණය ලබන 6 වැනිදා ප්‍රකාශයට පත්කරන බවද මහේස්ත්‍රාත්වරයා පැවසුවා.
බැඳුම්කර වංචාවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කළා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු විමසා සිටින්නේ බැඳුම්කර වංචාවට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම සඳහා මැතිවරණයක් ආසන්න වනතුරු බලා සිටියේ ඇයිද යන්නයි.
එමෙන්ම, මෙම කාරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද වගකිව යුතු බව ඔහු සඳහන් කළා.
No comments:
Post a Comment