උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 5 March 2020

තනිව ආවත් ලකුණක් නෑ - සජිත් පිලේ සාකච්ඡා.



සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ කුමක්දැයි මේ දක්වා තීරණය කර නැහැ. ඒ වෙනුවෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වුවද මේ දක්වා විසදුමකට පැමිණීමට නොහැකි වූ බවයි සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අලියා හෝ හංසයා යන  ලකුණු භාවිතා කිරීමට ඉඩ නොලැබෙන්නේනම්, ඒ වෙනුවෙන් විකල්ප සලකුණක් යොදා ගත යුතු බව සමඟි ජන බලවේගය මේ වන විට පැමිණ ඇති ස්ථාවරයයි. ඒ වෙනුවෙන් හක්ගෙඩිය, දියමන්තිය, වී කරල වැනි සලකුණු සුදුසු බවටද යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් මැතිවරණය සඳහා අපේක්‍ෂකයින් ඉදිරිපත් කිරීමට අදාල සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව සමඟි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසුවා. එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයද අපේක්‍ෂකයින් සූදානම් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ දෙපාර්ශවය කණ්ඩායම් දෙකක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සූදානම් වන  බවයි.

මේ අතර අද සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ සමඟි ජන බලවේගය හා එක්සත් ජාතික පක්‍ෂය ලෙස බෙදීමකින් තොරව පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා තවදුරටත් උත්සාහ කරන බවයි.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot