උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 5 March 2020

නිදහස් පක්‍ෂය තනි වෙයි - පොහොට්ටුව තනිවම මැතිවරණයට.

නිදහස් පක්‍ෂය තනි වෙයි -   පොහොට්ටුව තනිවම මැතිවරණයට.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළු පක්ෂ කිහිපයක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වන බව පැවැසුවද එවැන්නක් සිදු නොවන බව අද බත්තරමුල්ල, පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණ වුණා. හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පොහොට්ටුව ලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අද සිදුකළ මෙම අනාවරණය යම් ආකාරයකට දේශපාලන පිටිය උනුසුම් කළ කාරණාවක් ලෙසද හැදින්විය හැකියි.  එම ප්‍රකාශයෙන් හැඟී යන්නේ  මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන නමින් ඉදිරිපත්වීමට තීන්දු කර ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව ගොඩනගන බව පැවැසූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයක් බිහි නොවන බවද එමඟින් ප්‍රකාශ වන තවත් කාරණයක්.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot