උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 5 March 2020

රාජිතට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක්.



පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය ලබන 10 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ තමා අද දින අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් මෙම නඩුවේ විවාදය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අදාළ ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව විභාගය මේ මස 10 වනදා දක්වා කල් දමන බව නියෝග කළා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම ප්‍රතිශෝධන පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු කිසිදු ආකාරයකින් සැලකිල්ලට භාජනය නොකළ බවයි.

එමෙන්ම සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතු වලට සිදුවන හානිය පිළිබඳව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු බැහැර කොට මහේස්ත්‍රාත්වරිය විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර ඇතැයි ද නීතිපතිවරයා සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.

මෙම නියෝගය තුළින් නීතිය බරපතල ලෙස අප ගමනකට ලක්වීමට ඉඩකඩ නිර්මාණය වී ඇති හෙයින් එම ඇප නියෝගය බල රහිත කර සැකකාර හිටපු මාධ්‍ය රාජිත සේනාරත්න මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot