උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 5 March 2020

විගමණික ශ්‍රමික ප්‍රජාවට කතරගමින් නිවාඩු නිකේතනයක්...


ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් හා මෙරට වෙසෙන පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන තව තවත් පුළුල් කර නව දිශාවකට යොමු කරමින්, ඔවුන් වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවාඩු නිකේතනය මාර්තු 07 සෙනසුරාදා පෙරවරුවේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අතින් විවෘත කෙරේ.
කතරගම, කඳසුරිඳුගම, රජ මාවතේ අක්කරයක පමණ භූමි භාගයක පිහිටි මෙම නිවාඩු නිකේතනය ගොඩනැගිලි ත්‍රිත්වයකින් සමන්විතය. ප්‍රධාන ගොඩනැගිල්ල තුළ විගමණික ප්‍රජාව සඳහා විශේෂ පහසුකම්වලින් සමන්විත, ඇඳන් 40 සහිත නවාතැන් පහසුකම් සලසා ඇත. මෙයට අමතරව විදේශ රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධ අය වෙනුවෙන්ද නවාතැන් පහසුකම් හා වාහන නැවතීමේ පහසුකම්ද ස්ථාපනය කර තිබේ.
මෙහි කණ්ඩායම් වශයෙන් සහභාගි වන විගමණික පවුල් සඳහා එකවර දසදෙනෙකුට නවාතැන් ගත හැකි කාමර හතරකින් හා තමන්ගේ අභිමතය පරිදි ආහාර සකසා ගැනීම සඳහා අවශ්‍ය අංග සම්පූර්ණ පහසුකම්ද මෙහි සමන්විතය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම ඉඩම මිළදී ගෙන ඇති අතර, ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 127ක් කාර්යාංශයට වැය කර, මෙහි සියළු ඉදිකිරීම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් සිදුකර තිබේ.
කාර්යාංශයේ ලියාපදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉතා සහන මිළට මෙහි නවාතැන් පහසුකම් ලබාගත හැකි අතර, කාමර වෙන්කර ගැනීම කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් හෝ දුරකථන අංක 0112-880500, 1989ට ඇමතීම මගින් සිදුකර ගත හැකිය.
මෙම නිවාඩු නිකේතනය විවෘත කිරීමට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද මාර්තු 6 සිකුරාදා දින රාත්‍රිය පුරා පැවැත්වේ




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot