සජිත්ට රනිල්ට අද විශේෂයි.
සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ තීරණය කිරීමේ තීර්ණාත්මක සාකච්ඡාව රාත්‍රි 7 ට ආරම්භ වීමට නියමිතයි. ඒ කෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයී. එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ හෝ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හංසයා ලකුණ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරණ සමගි ජන බලවේගයේ ඡන්ද ලකුණ ලෙස යොදා ගැනීමට අවධානය යොමු වී තිබෙනවා.
කෙසේවෙතත් එම නව සන්ධානය හංසයා ලකුණ යොදාගත හොත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ එම ලකුණ සිය පෙරමුණෙන් ඉවත් කර ගත යුතුයි. නව සන්ධානය සිය ලකුණ ලෙස අලියා ලකුණ යොදාගත හොත් එක්සත් ජාතික පක්ෂයටද එම ලකුණ අත්හැරීමට සිදුවනවා. ඒ සම්බන්ධයෙන් ගන්නා වූ තීරණ මත පදනම්වයි සමඟි ජන බලවේගයේ ඉදිරි ගමන් තීරණය වන්නේ.
කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකඡාවේදී තවත් කාරණයක් සම්බන්ධයෙන් පක්ෂ නායකයින් අවදානය යොමු කිරීමට සූදානම්ව සිටින බවටද තොරතුරු වාර්තා වනවා. ඒ එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය එකට එක් නොවී පක්ෂ දෙකක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධවයි.
මේ අතර සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය හා පක්ෂය එළි දැක්වීම හෙට කොළඹ නෙළුම් පොකුණ රගහලේදී සිදුකිරීමට නියමිතයි.
No comments:
Post a Comment