උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 1 March 2020

ජනපති රුව ප්‍රදර්ශනය කිරීම තහනම්.


ජනපති රුව ප්‍රදර්ශනය කිරීම තහනම්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ සිතුවම් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ ජනාධිපති ලේකම් කාර්යාලය ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණය කිරීමත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශනය කිරීමත් සිදු නොකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාරයාලය සියළු පාර්ශව වෙත දැනුම් දෙන්නේ.

තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහෙත් එවැන්නක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොවන බව ප්‍රකාශ කර ඇතැයිද  පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බව පවසා ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot