උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 March 2020

හෙද සොයුරියක් ඩෙංගු මාරයාට බිලි වෙයි.



දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සෞඛ් අධ්යාපන අංශයේ සේවය කළ හෙද සොයුරියක ඩෙංගු රෝගය වැළඳීමෙන් 04 දින මිය ගොස් ඇතැයි රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල ප්රදේශයේ පදිංචි හෙද සොයුරියක වන  තමරා කුමාරවංශ (41) දෙදරු මවකි.
ඇයගේ කුඩා දියණියකට  ඩෙංගු රෝගය වැලදීමෙන් දඹුල්ල මූලික රෝහලේ ප්රතිකාර ලබන බව රෝහල් ප්රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේය.
ඩෙංගු රෝගය වැලඳී ප්රතිකාර ලබමින් සිටියදී දඹුල්ල රෝහලේන් වැඩිදුර ප්රතිකාර සදාහා    පේරාදෙණිය රෝහල වෙත මාරු කර යවා ප්රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මියගොස් තිබේ.
මියගිය හෙද සොයුරියගේ සැමියා සේවය කරනු ලබන්නේ දඹුල්ල මහනගර සභාවේ කාර්මික නිධාරියකු වීම විශේෂත්වයකි.
දඹුල්ල මූලික රෝහලට අනියුක්තව සෞඛ්යය අධ්යාපන අංශයේ සුවිශාල වූ කාර්යභාරයන් රැසක් ඇය විසින් ඉටුකරමින් සිටි බවත් රෝහලේ මෙන්ම රෝගීන්ගේ  ශරීර සෞඛ් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් විවිධ දේශන පවත්වමින් ඇය සමාජයේ විශාල සේවාවක් සිදු කළ රාජ් සේවිකාවක් බව රෝහලේ වෛද්යවරුන් සහ හෙද හෙදි කාර්ය මණ්ඩලය කියති.
මේ දිනවල දඹුල්ල සහ  අවට ප්රදේශවල විශාල වශයෙන් ඩෙංගු රෝගය වැළඳුණු රෝගීන් දඹුල්ල රෝහලේ ප්රතිකාර ලබන බවද රෝහල් ප්රකාශකයන් වැඩි දුරටත් කියා සිටිති.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot