මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් රාජ්‍ය නිලධාරින් මාරුකිරීම සහ උසස්වීම් ලබා දීම සිදු නොකරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එවැනි සිදුවීම් ගණනාවක් මේ වන විට වාර්තා වී ඇති බවයි පැපරල් සංවිධානය පෙන්වා දෙන්නේ.
කලුතර / අනුරාධපුර / කුරුණෑගල / පොළොන්නරුව යන ප්‍රදේශවල මැතිවරණ කටයුතුවලට සම්බන්ධ විවිධ කේෂ්ත්‍රවල නිලධාරීන් මාරු කර ඇති බවත් එම ලිපියේ දැක්වෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පිරිසක් ද මෙලෙස මාරුකර යවා තිබීම තුළ යම් අපැහැදිලි තත්ත්වයක් නිර්මාණය කර ඇති බවද පැපරල් සංවිධානය ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මැතිවරණ කටයුතුවලට ඍජු ලෙස සම්බන්ධවන නිලධාරීන් පත්කිරිම / මාරු කිරිම මැතිවරණය පිළිබද ජනතාවගේ ඇති විස්වාසය බිඳවැටීමට හේතුවක් බැවින් මේ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුවිය යුතු බව පැපැරල් සංවිධානය පෙන්වා දී ඇති කාරණයයි.
No comments:
Post a Comment