මුලතිව්,ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේදී දැව ජාවාරමක් වටලා බුරුත දැව කඳන් තොගයක් ඊයේ(03) අත්අඩංගුවට ගත් බව මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ ඔඩ්ඩුසුඩාන්,මන්නාන්කන්ඩාල් රක්ෂිත සීමාවේ බුරුත දැව කපා ප්රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ පිරිස පොලිස් නිළධාරීන් මඟ හැර පළාගිය අවස්ථාවේ වාහනයේ රෝදයකට වෙඩි තබා අදාළ වාහනය නවතා දැමු බවයි.
පොලිස් වෙඩි තැබීම් හමුවේ ජාවාරම්කරුවන් දැව තොගය හා වාහනය දමා පළාගොස් ඇති අතර,වාහනය තුළ රුපියල් ලක්ෂ පහක පමණ වටිනාකමින් යුතු බුරුත දැව තොගයක් පැවති බවද පොලිසිය සඳහන් කළේය.
වාහනයේ ලියාපදිංචි තොරතුරු මත පළාගිය දැව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන අතර,අත්අඩංගුවට ගත් දැව තොගය මුලතිව් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
No comments:
Post a Comment