උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

උපාධීධාරීන්ට දුන්නු විසදුම.



රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණු වැඩසටහනක් සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ ඇති වී තිබෙන ගැටළු සියල්ල නිරාකරණය කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව ඔවුන් රැකියා පුහුණුව සඳහා අනියුක්ත කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

පත්වීම් ලැබ සිටින උපාධිධාරීන් මැයි මස 04 වැනිදා හෝ 11 වැනිදා අතර කාලය තුළ සේවය සඳහා බඳවාගෙන අදාළ පුහුණුව සඳහා යොමු කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේක්ම්වරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාල නිළධාරීන් වෙත ලිඛිතව දැනුම් දීමටද පියවර ගෙන තිබෙනවා.

පත්වීම් ලිපි ලැබූ උපාධිධාරීන් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගොස් පත්වීම් භාරගත් බව දැනුම් දිය යුතු වන  අතර ඔවුන්ගේ ලේඛණයක් පවත්වා ගැනීමටද කටයුතු කළයුතු බව එම දැනුම්දීමෙන් අදාල  අංශ දැනුම්වත් කර තිබෙනවා.

මේ අතර පත්වීම් ලිපි නිකුත් කිරීමට නොහැකි වූ අපේක්ෂකයින් සම්බන්ධයෙන්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා. ඔවුන්ගේ පත්වීම් ලිපි පුහුණුව නැවත ආරම්භ වන අවස්ථාවේදී නිකුත් කරන බවයි එම දැනුම්දීමේ දැක්වෙන්නේ.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot