උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

මැතිවරණයෙන් පසු රටට අලුත් ව්‍යවස්ථාවක්.



පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ආයතන නියෝජිතයින් සමඟ අද අරලියගහ මන්දිරයේ පැවැති සාකච්චාවේදීයී.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුන නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම රජයේ අපේක්‍ෂාව බව ද මෙහිදී පෙන්වා දුන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ පසුගිය රජය විසින් සම්මත කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නැති ප්‍රශ්න නිර්මාණය වූ බවයි. එබැවින් නව ව්‍යවස්ථාවක් ඉදිරිපත්කර සම්මත කිරීමට අවශ්‍ය බලය ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැතිවරයා පැවැසුවා.

එකිනෙකාට පහර එල්ල කිරීමෙන් වැලකී තම බලප්‍රදේශ ජයගැනීම සඳහා කටයුතු කරන ලෙස පොදුජන පෙරමුණේ නියෝජිතයින් දැනුම්වත් කර ඇති බවත්, මෙම පහර ගැසීම් වැනි තත්ත්වයන් මනාප ලබා ගැනීමේ තරඟය මත ඇති වන තත්ත්වයන් බවත් අගමැතිවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමකදී අගමැතිවරයා කියා සිටියේ එම ගිවිසුම් අත්සන් කිරීම අත්හිටුවා ඇති බවයි. ඇතැම් කාරණා සංශෝධනය කරන්නේනම් එම ගිවිසුමට අත්සන් කළ හැකි බව මෙම ගිවිසුම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර ඇති කමිටුව පෙන්වා දී ඇති බවද ඔහු සඳහන් කළා.

උපාධීධාරීන් වෙත ලබාදුන් පත්වීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අගමැතිවරයා පැවැසුවේ එම කිසිදු පත්වීමක් අවලංගු නොවන බවයි. එමෙන්ම මැතිවරණය නිමා වූ විගස ඔවුන්ට රැකියා සඳහා ඇතුලත් විය හැකි බවත්, මාර්තු හා අප්‍රේල් මාසවල වැටුප්ද ඔවුන්ට හිමිවන බවත් අගමැතිවරයා කියා සිටියා. 



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot