උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 March 2020

පිටරට කුණු ආපසු යවන්න බාධාවක් නෑ - අධීකරණය


කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ රඳවා තිබෙන විදේශවලින් ආනයනය කළ කැලිකසල අඩංගු බහලුම් රට තුළ ප්‍රවාහනය කිරීම වළක්වාලමින් පනවා තිබෙන අධිකරණ තහනම් නියෝගය මගින් ඒවා ප්‍රති අපනයනය කිරීමේ කටයුතු වලට නීතිමය වශයෙන් බාධාවක් මතු නොවන බව අභියාචනාධිකරණය තීන්දු කළා.

අභියාචනාධිකරණයේ සභාපති ඒ.එච්.එම්.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

විදේශවලින් කැලිකසල ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඉකුත් දා සලකා බැලූ අභියාචනාධිකරණය මෙරටට ආනයනය කර දැනට කොළඹ වරාය සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රඳවා තිබෙන කැලිකසල අඩංගු බහලුම් රට තුළ ප්‍රවාහනය කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

පසුගිය නඩු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා මෙම බහලුම් යළි ප්‍රතිඅපනයනය කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන බවත් දැනට අධිකරණය මගින් නිකුත් කර තිබෙන මෙම තහනම් නියෝගය  එම කටයුතුවලට යම් බාධාවක් වී ඇති බව දන්වා සිටියා.

මේ හේතුවෙන් අදාළ තහනම් නියෝගය ඉවත් කරන ලෙසයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මේ සම්බන්ධයෙන් අද තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය මීට පෙර අදාළ බහලුම් රට තුළ ප්‍රවාහනය කිරීම වළක්වාලමින් අධිකරණය විසින් නිකුත් කළා තහනම් නියෝගය තුළින් එම කැලිකසල අඩංගු බහලුම් යළි විදේශවලට අපනයනය කිරීමට බාධාවක් එල්ල නොවන බව සඳහන් කළා.

අදාල බහලුම් යළි අපනයනය කිරීම සඳහා වූ සාකච්ඡා පවත්වා එම කටයුතු ඉදිරියට  සිදුකරන ලෙස රජයේ නීතිඥවරයාට උපදෙස් දුන් අධිකරණය එම කටයුතු සම්බන්දයෙන් ගිවිසුමක් සම්පාදනය කර එහි ප්‍රගතිය මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කළා.

 ඉන් අනතුරුව අදාළ පෙත්සම මැයි මස 4 වනදා කැඳවන ලෙසයි අධිකරණය නියෝග කළේ






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot