බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව ටින්සින් තේ වතුයායේ ඉඩමක හටගත් ගින්නකින් අක්කර 3 ක භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව වතු පාලන අධිකාරිය පවසයි.
බගවන්තලාව වැවිලි සමාගමට අයත් ටින්සින් වතුයායේ ඉලුක් වගා කර තිබු ඉඩමකට (26) දින උදැසන 11 ට පමණ කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ගින්න මුළු ඉඩම පුරාව පැතිර ගොස් තිබුණි.
ගින්න පාලනය කිරිමට වතු පාලන අධිකාරිය සහ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත වුවද එය ව්‍යාප්ත විය.
ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ගින්න මුළු ඉඩම පුරාම පැතිර යාමෙන් තේ වගාවට මෙන්ම එම ඉඩමේ වගා කර තිබු යුකෙලෙප්ස්ටික් වගාවටද හානි සිදු වි ඇත.
No comments:
Post a Comment