උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 19 March 2020

නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විශේෂ චක්‍ර ලේඛයක් ...

නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ විශේෂ චක්‍ර
ලේඛයක් ...

 රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම වීඩියේ තාක්ෂණයෙන්
කොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා
හෙට (19) සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්නායක
ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින්
නිකුත් කර තිබේ.
වාණිජ මහා අධිකරණ, මහා අධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසා
අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල අද (19)
සිට 27 දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර චක්‍රෙල්ඛය නිකුත් කර
ඇත.
හදිසි සහ අත්‍යාවශ්‍යය යැයි විනිසුරු විසින් තීරණය කරනු ලබන නඩු හැර
කිසිඳු නඩුවක් විවෘත අධිකරණයේ නොකැඳවන ලෙස දැනුම් දී තිබේ.
යොදාගත් සියලු නඩු වෙනත් දිනවල කැඳවන අතර ඇප ලබාගැනීම් සඳහා
වන ඇප ඉල්ලීම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කෙරේ. නීතිඥවරයෙක් ඉතා
හදිසි අවශ්‍යතාවක් හේතුවෙන් නඩුවක් කැඳවීමට ඉල්ලීමක් සිදු කරන්නේ
නම් පෙ.ව. 10.00 ට පෙර මෝසමකින් කරන ඉල්ලීම් පමණක් සලකා
බැලෙන බව ද කොමිසම දැනුම් දෙයි.
එසේම රක්ෂිත බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ
කිරීම ඔවුන් අධිකරණය වෙත නොකැඳවා විඩීයෝ තාක්ෂණයෙන් සිදුකරන
ලෙස ද උපදෙස් දෙයි.
පොලිස් ඇප දීම් සම්බන්ධයෙන් ඇති ප්‍රතිපාදන හැකිතාක් ක්‍රියාත්මක කළ
යුතු අතර ඒ සඳහා මහේස්ත්‍රාත්වරු අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලීසිය
සමග නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතුය.
ජනතාව ඒකරාශීවීම් හැකිතාක් අඩු කරමින් කොරෝනා වෛරසය පැතිර
යාම වැළැක්වීම ඉලක්ක කරගෙන අධිකරණ සේවා කොමිෂන් සභාව
චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot