උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

උපාධි රැකියා ගැටළුව විසදන්න උපාධිධාරීන් මැකෝ හමුවට.


උපාධිධාරීන් රැකියාගත කිරීමේ 2020 වැඩසටහන යටතේ මාර්තු 01 සිට උපාධිධාරීන්ට ලබා දී ඇති අභ්‍යාසලාභී පුහුණු පත්වීම් අත්හිටුවීමට මැතිවරණ කොමිසම  අද (04) දින පියවර ගන්නා ලදි.

පාර්ලිමේන්තුව මාර්තු 02 විසුරුවා හැරීමට නියමිත බව ආණ්ඩුව හොඳාකාරවම දැන සිටිමින් එම දිනයේ ම අදාළ වන පරිදි උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම ආණ්ඩුව හිතාමතාම උපාධිධාරීන් තවදුරටත් අසහනයට පත්කිරීමක් බව පෙනී යයි.
 
කෙසේ වෙතත් ආණ්ඩුව සත්භාවයෙන් ම රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ අවශ්‍යතාවයක් තිබුණේ නම් 2019 නොවැම්බර්, දෙසැම්බර් හා 2020 ජනවාරි 31 දක්වා මාස 03 ක කාලයක් ආණ්ඩුවට ඉඩ තිබූ බව පැහැදිලි සත්‍යයකි.

එමෙන්ම රැකියා ලබා දීම බාධාවකින් තොරව අවශ්‍යව තිබුණේ නම් අදාළ බඳවාගැනීමේ ප‍්‍රමාණය රාජ්‍ය සේවා කොමිසම මගින් අනුමත කරගෙන පසුව අවශ්‍ය නම් මැතිවරණ කොමිසමෙන් ද අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුවට ප‍්‍රමාණවත් කාලයක් තිබූ බව පැහැදිලිය.

එම කරුණු කිසිවක් සැලකිල්ලට නොගනිමින් මැතිවරණ කොමිසම හරහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුව ක‍්‍රියාකර තිබීම රැකියා විරහිත උපාධිධාරීන් 56 000 කට කළ බලවත් අසාධාරණයක් බව පෙන්වා දෙන්නෙමු.

උපාධිධාරීන් 56 000 කට හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පත්ව සිටින කායික මානසික හා සමාජීය පීඩාව සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය යළි සලකා බලා සහනදායී විසදුමක් ලබා දීමට කටයුතු කිරීමට හැකියාවක් තිබේදැයි යන්න සාකච්ඡා කිරීම සඳහා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය තීරණය කර ඇත.

ඒ අනුව 2020 මාර්තු 05 (බ‍්‍රහස්පතින්දා) පෙ.ව. 11.00ට උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය, රැකියා විරහිත උපාධිධාරී සංගමය, බාහිර උපාධිය සුරැකිමේ සංවිධාන එකතුව, ඌන සේවා උපාධිධාරී සංගමය නියෝජනය කරන නායකයින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා හමුවීමට නියමිතය.

ඒ සඳහා සහභාගී වන මෙන් ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී මහත්මයෙකු හෝ මහත්මියක සම්බන්ධ කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot