උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම



උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළා.

අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ගොවීන් පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද  ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වූ ජල කාන්දුව මේ වන විට සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කර ඇතැයි සඳහන් කළා.

ගොවීන්ගේ ගොවිබිම්වල පවතින භූගත ජල මට්ටම මේ වනවිට යහපත් මට්ටමක පවතින බවත් මේ හේතුවෙන් ඔවුන්ට ඉදිරියේදී වගා කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

මෙහිදී  පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ගෙවිය යුතු වන්දි පිළිබඳව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් තක්සේරුවක් සිදුකළ බව දැනුම් දුන්නා.

එහෙත් එම දෙපාර්තමේන්තුව විසින් සිදුකල තක්සේරු වටිනාකමට සමාන වන්දි මුදලක් ගෙවීමට රජය කටයුතු කර නැතැයි චෝදනා කළ නීතිඥ දාබරේ මහතා මේ හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ගොවීන්ට දැනට ගෙවා තිබෙන වන්දි හා ගෙවීමට නියමිතව තිබෙන වන්දි මුදල් පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ජූලි මස 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කළා.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot