උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

දැන් 2500 ට වතුර ගන්න පුළුවන්


ජල සම්පාදන මණ්ඩලය මගින් නව පානීය ජල පහසුකම් ලබාගැනීමේදී ගෙවිය යුතු රුපියල් 8000ක් වන මූලික ගාස්තුව රුපියල් 2500 දක්වා අඩුකිරීමට රජය තීරණය කර තිබේ.
දිළිඳු පවුල්වලට ජල පහසුකම් ලබාගැනීමේදී මෙතරම් මුදලක් එක්වර ගෙවීම අපහසු බැවින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව කැබිනට් ප‍්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එමෙන්ම සෑම වර්ෂයකදීම නිවාස 1,10,000කට පමණ නව ජල පහසුකම් සැපයීම් කරන බව කී ඇමැතිවරයා එම ප‍්‍රමාණය 1,50,000 ක් දක්වා වර්ධනය කිරීම වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කීවේය.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවී තිබේ.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot