නව කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමේ පියවරක් ලෙස සිගිරිය නැරඹීමේ පහසුකම් දෙස් විදෙස් සංචාරකයින්ට තාවකාලිකව තහනම් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව 17 දින පස්වරුවේ සිට සිගිරිය නැරඹීම සදහා ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටවූ බව සිගිරිය ව්‍යාපෘති කළමනාකරු තුෂිත හේරත් මහතා පැවසිය.
විෂයභාර අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බව ඒ මහතා පැවසිය,
නැවත දැනුම්දෙනතුරු සිගිරිය පරිශ්‍රයට ඇතුල්වන සියලුම ප්‍රවේශ දොරටු වසා දමා ඇති බවත්.අත්‍යවශ්‍ය නඩත්තු හා ආරක්ෂක සේවාවන් පමණක් ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
No comments:
Post a Comment