දඹදිව වන්දනාව සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ ගුවන් යානයක් අද(18) දිනයේ පිටත් කර හැරීමට නියමිත බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ අදාල ගුවන් යානය අද පස්වරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිත බවයි.
ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සිදුකෙරෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
මේ වනවිට දඹදිව වන්දනාව සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් 225 දෙනෙකු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් දිල්ලි නුවරට රැගෙනවිත් ඇති අතර පස්වරුවේ ඔවුන් විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමට නියමිත බව බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.
No comments:
Post a Comment