උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 18 March 2020

කොරෝනා දෙවන අදියරක් ගැන චීනයට අනතුරු ඇගවීම්.

කොවිඩ්-19 වසංගත තත්වයේ දෙවන අදියරක් චීනය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පැණ නැඟී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විද්‍යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ කොවිඩ්-19 දෙවන අදියරක අවදානමින් චීනය පසුවන බවයි.

වෛරස ව්‍යාප්තිය කෙටි කලකින් පාලනය කිරීමට චීනය සහ දකුණු කොරියාව සමත් වුවද දීර්ඝ කාලීනව මෙම කර්තව්‍යය සිදුකළ හැකිද යන්න අදාල විද්‍යාල වාර්තාව තුළින් ප්‍රශ්න කර තිබෙනවා.

චීනයේ මෙම ප්‍රගතිය ඇතිවීමත් සමඟ සියළු වැඩ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය තුළ දෙවන වරටත් වෛරස අවදානමකට ලක් විය හැකි බවයි එමගින් අනතුරු අඟවා ඇත්තේ.

චීනයේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් රැකියා ආරම්භ කිරීමත් , බොජුන් හල් වෙත නැවත නැවත පාරිභෝගිකයින් යාමත් , ජනතාව නේවාසිකාගාර වෙත යළි පවිසීමත් වැනි කරුණු හේතු කොට ගෙන වෛරසය දෙවන වරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පැණ නැඟී ඇති බව එම වාර්තාවේ සඳහන්


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot