රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන නායකයින් දෙපළ අතර සබඳතා වර්ධනය කරමින් දෙපාර්ශ්වයම අලියා ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරවීමේ දැවැන්ත ව්‍යාපාරයක් මේ වනවිට ක්‍රියාත්මකයි.
මංගල සමරවීර, රාජිත සේනාරත්න, කරු ජයසූරිය, නවීන් දිසානායක, මලික් සමරවික්‍රම ඇතුලු ප්‍රබලයන් පිරිසකගේ නායකත්වය යටතේ එම ව්‍යාපාරය දියත් වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එහිදී ඉදිරිපත්වී ඇති යෝජනාවක් වන්නේ කරු ජයසූරිය මහතාගේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්කොට මැතිවරණයට මුහුණදිය යුතු බවයි.
කරු ජයසූරිය මහතාගේ නායකත්වය පිළිගැනීමට සජිත් ප්‍රේමදාස මහතාද කැමැත්ත පළ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබුණා.
සමගි ජන බලවේගය සන්ධානයක් ලෙස යොදා ගනිමින් අලියා ලකුණ යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට එකඟතාව පළ කර ඇති බවද රාජ්ිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, වඩාත් විනිවිදභාවයෙන් යුතුව එම වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා අකිල විරාජ් කාරියවසම් මහතා වෙනුවට නව ලේකම්වරයෙකු පත්කිරීමටද යෝජනා වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත්, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, පොදු ලාංඡනයක් යටතේ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
එම තීරණය කිසිසේත්ම වෙනස් නොවන බවද ඔහු ප්‍රකාශ කළා.
No comments:
Post a Comment