උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 March 2020

කොරෝනා බවට සැක 20 ක් රෝහල්වල - ඉතාලියෙන් පැමිණි පවුලක කුඩා දරුවෙකුත් බදුල්ල රෝහලට.


කොරෝනා ආසාදිතයින් බවට සැක කෙරෙන පුද්ගලයන් 20 දෙනෙකු රෝහල් කිහිපයක් වෙත ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා, කියා සිටියේ, කොරෝනා වසංගතය ලොවපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින්, ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ජනතාව වෙතද පැවරෙන වගකීමක් බවයි.



කොරෝනා ආසාධිත බවට සැක කෙරෙන කුඩා දරුවෙකු බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මාස හතක් පමණ වයසැති දරුවෙකු මෙලෙස රෝහල්ගත කර ඇති බවයි බදුල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා පවසන්නේ.

දකුණු කොරියාවේ සිට පැමිණි පවුලකට අයත් දරුවෙකු මෙලෙස රෝහල්ගත කර ඇති බවද ඔහු සඳහන් කළා.

එම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසා බැලීම සඳහා පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමටද නියමිතයි.

මේ අතර, හැඳල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඉරානය, දකුණු කොරියාව, ඉතාලිය වැනි රටවල සිට මෙරටට පැමිණෙන සියලු මගීන් දින 14 ක් රඳවා තබාගෙන නිරෝධායනයකට ලක් කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා වූ මධ්‍යස්ථානයක් ලෙස හැඳල ලාදුරු රෝහල යොදා ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.

ශ්‍රී ලාංකිකයින් බහුලව වෙසෙන රටවල එම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම තුළ ශ්‍රී ලංකාවද බලවත් අවදානමක් වෙත යොමු වෙමින් තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මෙම අවදානමෙන් බේරාගැනීම සඳහා අවශ්‍ය කෙරෙන පුලුල් ක්‍රිියාමාර්ග මේ වනවිටත් අනුගමනය කර ඇති බවයි.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot