උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 5 March 2020

ගෙවුණු දින 100 ගැන සතුටක් නෑ - ජනපති



ජනාධීපතිවරයා ලෙස පත්වී ගෙවුණු දින 100 ක කාලය පිළිබඳ සෑහීමකට පත්නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කළා. ඔහු මේ බව කියා සිටියේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ අද ජනාධිපති ලේකම්කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීයී. ගෙවුණු දින 100 තුළ බොහෝ දේ සිදු කළද එහිදී තමා අපේක්‍ෂා කල මට්ටමට ලගාවීමට නොහැකි වී ඇතැයිද ජනාධිපතිවරයා පැවැසුවා.

බහුතර බලයක් සහිත ආණ්ඩුවක් නොතිබීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවද අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේ, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලයක් අපේක්‍ෂා කරන බවයි. ඒ වෙනුවෙන් තමන් පොදුජන පෙරමුණු වේදිකාවට පිවිසෙන බවද ඔහු පැවැසුවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සැලසුමකින් තොර ක්‍රියාවලියක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එහි වැරදි තත්ත්වයන් හේතුවෙන් විධායකයට පවා ජනවරම ක්‍රියාත්මක කිරීමේදී ගැටළු ඇති කර ඇති බවයි. එබැවින් එම තත්ත්වය වෙනස් කිරීම සඳහා තමන් තුනෙන් දෙකක ජනවරමක් අපේක්‍ෂා කරන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසුවා.

මහමැතිවරණයේදී තම ප්‍රතිපත්ති වඩාත් පැහැදිලිව ක්‍රියාත්මක කළ හැකි පිරිසක් බලයට පත්කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පැහැදිලිව හා කාර්යක්‍ෂමව කටයුතු කළ හැකි වාතාවරණයක් ඇත්නම්, රට ගොඩ නැගීමටට තමන්ට එක් ධූරකාලයක් ප්‍රමාණවත් බවයි.

හමුදා ප්‍රධානීන් විවිධ ආයතන සඳහා පත් කිරීම රට මිලිටරිකරණය කිරීමේ සූදානමක් බවට විපක්‍ෂය චෝදනා කරමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා පැවැසුවේ එවැනි අපේක්‍ෂාවක් තමන් තුල නොමැති බවයි. එමෙන්ම වත්මන් රජයට වඩා පසුගිය රජය යටතේ හමුදා නිලධාරීන්ට රජයේ තනතුරු ලබාදුන් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසුවා. 


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot