උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 7 March 2020

තවත් ලක්‍ෂයකට ඡන්දය දෙන්න රජය මැතිවරණ කොමිසමෙන් අවසර ඉල්ලයි.




දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර  ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ මෙම ඉල්ලීම මැතිවරණ කොමිෂම වෙත ලිඛිතව යොමුකළ බවයි.

එමගින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණ ද නාම යෝජනා කැඳවා නැති බැවින් උක්ත කාර්යයට අවසර ලබාදෙන ලෙසයි. 2019 දෙසැම්බර් 10 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙම වැඩපිළිවෙල ආරම්භ වූ බවත්,  සංචිතයට පිරිස් බඳවා ගැනීමේ පුවත්පත් දැන්වීම මේ වසරේ ජනවාරි 20 වැනිදා පළ කළ බවත් ඒ අනුව පෙබරවාරි මස අවසන් සතියේ දී ූ සම්මුඛ පරීක්ෂණ සිදුකර අවසන් කර ඇති බවත් එමගින් මැතිවරණ කොමිෂම දැනුම්වත් කර තිබෙනවා.

බහුකාර්ය සංවර්ධන නව දෙපාර්තමේන්තුවට රජයේ නිලධාරීන් අනුයුක්ත කර ගැනීම දැන් කළයුතුව ඇතැයි ද කාර්ය සාධක බලකාය පෙන්වා දෙන කාරණයයි.  එබැවින් මේ කාර්යය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිට සිදු වෙමින් පවතින්නක් බැවින් එය ඉදිරියට ගෙන යාමට අනුමැතිය දෙන ලෙසයි බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් නන්ද මල්ලවාරච්චි මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීන්නේ.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot