උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 7 March 2020

රජයේ වියදම් පියවීමේ වගකීම භාණ්ඩාගාර ලේකම්වරයාට..


ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකාරි බලපත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවයි. රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන් පියවීම සඳහා ඒ අනුව අමාත්‍යාංශවලට හැකියාව ලැබෙනු ඇති.
මේ අතර, දේශපාලන හිතවතුන්ට තනතුරු දීමට තිබූ ස්ථාන ලෙස රාජ්‍ය ආයතන භාවිත කළ යුගය වෙනස් කිරීමට තමාට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා පවසනවා. පෞද්ගලික ආයතන ශක්තිමත් කොට ලාභ ලබන තත්ත්වයට පත්කළ අත්දැකීම් බහුල පිරිසක් කිසිදු වරප්‍රසාදයක් නැතිව රාජ්‍ය ආයතන නගා සිටුවීමට තමා සමග එක්ව සිටින බවයි ජනාධිපතිවරයා පවසන්නේ. රාජ්‍ය ආයතන කිහිපයකට අලුතින් පත් කෙරුණු සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමග ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

රටේ ජනතාව තමාට කළ අභියෝගය ජය ගැනීමට සියලු රාජ්‍ය නිලධාරීන් පෙළගැසිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රාජ්‍ය ආයතන ශක්තිමත්ව සහ විධිමත්ව ක්‍රියාත්මක වීමෙන් ප්‍රශ්න රැසකට සාර්ථකව මුහුණදිය හැකි බවද පැවැසුවා.

ජනතා කේන්ද්‍රීය පාලනයක් වෙනුවෙන් රාජ්‍ය ආයතන ක්‍රියා කළයුතු බවටද අවධාරණය කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවැසුවේ ජනතාවට සැබෑ නිදහස අත්කර ගැනීමට නම් ඔවුන්ගේ අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව සැලසිය යුතු බවයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot