උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 7 March 2020

උපාධි රැකියා ගැන අවසන් තීරණය මෙන්න.


රැකියා සඳහා  සුදුසුකම් ලැබූ සියලු උපාධිධාරීන්ගේ නාමලේඛණය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ
කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කරන බව ජනාධීපති 
කාර්යාලය නිවේදනය කළා. ලිපි ලැබීමේ  ප්‍රමාදයක් ඇත්නම්  අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද 
ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණා. පත්වීම ලැබී දින 03ක් ඇතුළත තමන් අයත් ප්‍රාදේශීය
 ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයැයි පත්වීම් ලිපියේ සඳහන් වුවද දැනට පත්වීම් ලිපි නොලැබූ පිරිස් ඒ 
පිළිබඳ බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයිද එහි සඳහන්.

“ලිපිය ලැබී දින 07ක් ඇතුළත පුහුණුවට වාර්තා නොකළොත් පත්වීම ප්‍රතික්ෂේප කළා සේ සලකනු ලැබේ” 
යනුවෙන් සඳහන් වුවද එය පත්වීම් ලිපි නොලැබුණු පිරිසට අදාල නොවන බව ද ජනාධිපති කාර්යාලය දැනුම් 
දෙනවා.

මූලික නිර්නායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු 45,585 කු පත්වීම් සදහා සුදුසුකම් ලබා 
සිටින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot