උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසුවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙම වැඩසටහන දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවයි. එමෙන්ම උපාධිධාරී පත්වීම් අත්හිටුවීමට මැතිවරණ කොමිෂම විසින් ගෙන ඇති තීරණය පදනමකින් තොර තීරණයක් බව පැවැසූ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ පත්වීම් ලැබී ඇති උපාධිධාරීන්ගේ පුහුණු කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බවයි. ප්රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ අද ජනාධිපති ලේකම්කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ බව පැවැසුවා. මේ අතර රැකියා පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන්ට පුහුණු කාලයේදී ගෙවිය යුතු රුපියල් 20,000 ක මාසික දීමනාව මේ මාසයේ සිට ලබාදෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවා. පුහුණු කාලයේදී ගෙවීමට පොරොන්දු වී ඇති පරිදි අයකුට රුපියල් 20,000 ක් බැගින් උපාධිධාරීන් 50,000 ක් දෙනාගේ වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියනයක් හෙවත් රුපියල් කෝටි 100 ක මුදලක් වැය කිරීමට රජයට සිදුවනවා. එමෙන්ම කිසියම් උපාධිධාරියෙකු වෙත පත්වීමක් ලැබී නොමැතිනම් වහාම ප්‍රාදේශීය ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසද ඇමතිවරයා දැනුම්දීමක් කළා. |
Thursday 5 March 2020
පත්වීමක් නැත්නම් අභියාචනා කරන්න
Tags
දේශීය පුවත්#
Share This
About SJTV NEWS 24
දේශීය පුවත්
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Top Ad
Your Ad Spot
No comments:
Post a Comment