එක්සත් ජාතික පක්ෂයේ පවත්නා අර්බුදයේ නිමාවක් දැකිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසුවා.
ඒ අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි.
පක්ෂය බෙදා වෙන්වීමකින් තොරව අලියා ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට දෙපාර්ශ්වයේම එකඟතාව ලැබී ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහගෙන් කරු ජයසූරියට බාර දීමට එකඟතාවකට පැමිණ ඇති අතර කරු ජයසූරිය ද ඊට කැමැත්ත පළ කර ඇති බවයි ඔහු කියා සිටියේ.
දෙපාර්ශ්වයේ පවත්නා අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා වූ සාකච්ඡා වෙනුවෙන් රාජිත සේනාරත්න පත්කර තිබූ අතර ඊයේ දින ඔහු හා සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වී තිබේ.
කරු ජයසූරියගේ නායකත්වයෙන් හා උපදෙස් මත අලියා ලකුණින් මහා මැතිවරණයට තරග කිරීමට සජිත් ප්‍රේමදාස සිය කැමැත්ත පළ කර තිබේ.
පක්ෂයේ සමගිය වෙනුවෙන් මහා ලේකම් ධුරය අත්හැරීමට අවශ්‍ය නම් ඊට තමන් සූදානම් බව එජාප වත්මන් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් ද කැමැත්ත පළ කර ඇති බවයි රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී සියලු ගැටලු නිරාකරණය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
No comments:
Post a Comment