උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 8 March 2020

නියඟයෙන් ප්‍රදේශ රැසක ජලසැපයුම අඩාලයි.


නියඟයෙන් ප්‍රදේශ රැසක ජලසැපයුම අඩාලයි.



දිස්ත්‍රික්ක 8 කට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් 74796 ට අයත් පුද්ගලයින් තුන් ලක්‍ෂයක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට එලෙස වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයටයි.

වියළි කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51175 ක පුද්ගලයින් 215525 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි දින කිහිපයේත් උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්‍ෂා කළ හැකි බවයි.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot