උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 8 March 2020

ලකුණු වෙනස් කරන්නත් කාලයක් - ස්වාධීන කණ්ඩායම් 30 ක් ඇප තියයි.


ලකුණු වෙනස් කරන්නත් කාලයක් - ස්වාධීන කණ්ඩායම් 30 ක් ඇප තියයි.

මැතිවරණ සලකුණු වෙනස් කිරීමට අවශ්‍ය දේශපාලන පක්ෂවලට මේ වනවිට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කළා. එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ, ලබන 9 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි. ඉදිරිපත් වන කරුණු සැලකිල්ලට ගෙන සලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දීමට නියමිතයි.

පාර්ලිමේන්තු මැතිවරණ සදහා ස්වාධීන කණ්ඩායම් 30ක් මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මැතිවරණය සදහා පසුගිය 4 වනදා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළ අතර, ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු  ලබන 16 වනදා දහවල් 12 න් අවසන් වීමට නියමිතයි.

මේ අතර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම පෙරේදා ආරම්භ වූ අතර එය ලබන  16 වනදා දක්වා සිදුකිරිමට නියමිතයි. තැපැල් ඡන්ද අයදුම්පත් ලක්‍ෂ හයක් පමණ මෙවර ඉදිරිපත්වීමට ඉඩ ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පුරෝකථනය කර තිබෙන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ථ ක්‍රියාධාමය වෙනුවෙන් ලක්‍ෂ දෙකකට අධීක කාර්ය මණ්ඩලයක් යොදා ගැනීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මූලික කටයුතුවලදීම කාර්ය මණ්ඩලය සකස් කර ගැනීම කෙරෙහි අවදානය යොමුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

මේ අතර දිස්ත්‍රික් ලේකම්වරුන් ද පසුගියදා මැතිවරණ කොමිෂම වෙත කැඳවා තිබුණා. ආරක්‍ෂක කටයුතු, සංවිධාන හා නාමයෝජනා භාර ගැනීම ඇතුළු මූලික කටයුතු සම්බන්ධවයි එහිදී අවදානය යොමු වී තිබුණේ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot