උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday 9 March 2020

කොරෝනා අවදානම හමුවේ එතෙර ලාංකිකයින් ආරක්‍ෂිතද ?

කොරෝනා අවදානම හමුවේ එතෙර ලාංකිකයින් ආරක්‍ෂිතද ?

කොරෝනා වෛරසය පැතිරීම ඉහළ යාමත් සමඟ ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ලොම්බාඩි පළාත සහ තවත් ප්‍රාන්ත 14ක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තා. මේ තත්ත්වයත් සමඟ එම නගරවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැඩි  අවධානයකින්  පසුවන බව රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. එම ප්‍රාන්තවල සිටින  සියලු පුද්ගලයින් නිරෝධායනට ලක්කිරීමට ඉතාලි රජය තීරණය තිබෙනවා. ඒ අනුව එරට සිටින ලාංකිකයින්ටද මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවනවා.

මේ වන විට ශ්‍රී ලාංකිකයින් 104,000 ට අධික පිරිසක් ඉතාලියේ වාසය කරන බවටත්, ඒ අතරින් 60 % ක් කොරෝනා වෛරසය පැතිර යමින් පවතින ප්‍රදේශවල රැදී සිටින බවටත් තොරතුරු වාර්තා වී තිබෙනවා. එමෙන්ම ලාංකිකයින් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසා බැලීම සඳහා හෝ ඔවුන්ට සහන සැලසීමේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු (0039)-06-884-0801 හෝ (0039)-06-885-4560 යන සාමාන්‍ය දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.

එමෙන්ම දකුණු කොරියාවේ තත්ත්වයද ඉතාලියට සමාන තත්ත්වයක පවතිනවා. දකුණු කොරියාව තුළ සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ තත්ත්වයක් පවතින බැවින් එරට විවිධ රැකියාවල නිරතව සිටින ලාංකිකයින් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් අවදානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය කුවෙට් රාජ්‍යය වෙත සිදු කරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ කුවේට් බලධාරීන්ගේ තීරණයකට අනුවයි. ශ්‍රී ලංකාවට අමතරව කුවේටය විසින් බංග්ලාදේශය, පිලිපීනය,ඉන්දියාව, ලෙබනනය, සිරියාව සහ ඊජිප්තුව යන රටවල් අතර ද ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කොරෝනා අවදානම පිළිබඳ අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවයි කුවේට් බලධාරීන් පවසන්නේ.  



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot