උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 11 March 2020

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සහාය වන්නැයි රජයෙන් ඉල්ලීමක් ...

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට සහාය වන්නැයි
රජයෙන් ඉල්ලීමක් ...

කොරෝනා වෛරසය හෙවත් COVID - 19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ
අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති
වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වන විට
ලෝකය පුරා රටවල් රැසක වෛරසය ව්‍යාප්ත වෙමින් පවතී. එය පාලනයට
එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ.
කොරෝනා වෛරසය මෙරටදී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10)
පස්වරුවේ හදුනා ගැනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල්
ජාසිංහ මහතා පවසයි. 52 හැවිරිදි මොහු සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස
ක්‍රියා කල අයෙකි. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට ඔහු සේවාව සපයා
තිබේ. රෝගියා නිරෝධායනයට ලක් කර ඇති අතර ඔහුට අවශ්‍ය ප්‍රතිකාර
ලබාදීම ආරම්භ කර ඇතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන්
පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර තිබේ.
රට තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව
පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ සඳහා ඊයේ (10) සිට දකුණු
කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම
ආරම්භ කෙරිණ. එහෙයින් විදේශගතව පැමිණෙන අයගේ සහ ජනතාවගේ
පූර්ණ සහාය ගෙනයන වැඩපිළිවෙළට ලබාදෙන්නැයි රජය ඉල්ලා සිටී.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot