අද සිට ඉන්දන මිල අඩුකරන ලකුණු - යෝජනාව කැබිනට්ටුවට.
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (11) දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පහත වැටී ඇති අතර ඊට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කිරීම සඳහා අදාල යෝජනාව ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.
No comments:
Post a Comment