නවක වධය ලබාදෙන්නන් සම්බන්ධයෙන් අවධානයෙන්.දෙමළ තරුණ සන්ධානය නමින්
යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපස අවවාදාත්මකව පෝස්ටර අලවලා.
වවුනියාව - මාධව කුලසූරිය.
නවක වධය ලබාදෙන්නන් හා විශ්ව විද්‍යාලය තුළ වැරදි ක්‍රියාවන් සිදුකරන පිරිස්
සම්බන්ධයෙන් අනතුරු අඟවමින් දෙමළ තරුණ සන්ධානය නමින් යාපනය විශ්ව විද්‍යාලය
තුළ ඊයේ(10) කිසියම් පිරිසක් පෝස්ටර අලවා ඇති බව යාපනය විශ්ව විද්‍යාල සිසුන්
පවසයි.
යාපනය විශ්ව විද්‍යාල සිසුන් පැවසුවේ දෙමළ ජනතාවගේ සංස්කෘතිය රැක ගනිමින්
ක්‍රියාකළ යුතු බවත්,දෙමළ ජනතාවගේ ගැටළු විසදීමට මුලිකත්වය ලබාදිය යුතු අවධියක
විවිධ නොමනා ක්‍රියාවන් සිදුකරමින් සිටින කණ්ඩායම් සම්බන්ධයෙන් අවධානයෙන්
පසුවන බවද දෙමළ තරුණ කණ්ඩායම නමින් අදාළ පෝස්ටර අලවා ඇති බවයි.
දෙමාපියන්ගේ සිහින වෙනුවෙන් කැපවි කටයුතු කළ යුතු බවත්,දෙමළ ජනතාවගේ
සංස්කෘතිය අනුව කටයුතු කළ යුතු බවත් අදාළ පෝස්ටරයේ සඳහන් වන බවටද විශ්ව
විද්‍යාල සිසුන් පවසයි.
අවවාදාත්මක අයුරින් යාපනය විශ්ව විද්‍යාලය ඉඳිරිපස එලෙස පෝස්ටරයක් අලවා ඇති
බව යාපනය ආරක්ෂක අංශ පවසති.
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ පසුගිය සමයේ යාපනය විශ්ව විද්‍යාලය තුළ සිදුවු නවක
වධය ක්‍රියාවන්ට විරුද්ධව අදාළ පෝස්ටරය අලවා ඇති බවට සැක පළ කරන බවයි.
පසුගිය සමයේ යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපය හා යාපනය මණ්ඩපය
තුළ නවක වධය ලබාදීමේ සිදුවීම් වාර්තා වු අතර, කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවියන්
පිරිසක් වෙත නිරුවතින් වීඩියෝ දුරකථන ඇමතුම් ලබාගන්නා ලෙසට සිසුන් පිරිසක්
තර්ජනය කළ බවට සිදුවීමක්ද වාර්තාවිණ.
පෝස්ටර ඇලවු පිරිස සොයා පරීක්ෂන පවත්වන බවද යාපනය ආරක්ෂක අංශ වැඩිදුර
පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment