උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 10 March 2020

වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම මරණයකින් කෙළවර වෙයි.

වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම මරණයකින් කෙළවර
වෙයි.

ට්‍රැක්ටර රථයක වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ට්‍රැක්ටර රථයක
පාපැදියක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකු අද(08) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති
බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ වඩ්ඩුකෝඩ්ඩෙයි සිට තෙලිප්පලෙයි දක්වා දිවෙන මාර්ගයේ ගමන්ගත්
ට්‍රැක්ටර රථයක වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ට්‍රැක්ටර රථය
ඉදිරියෙන් ගමන්ගත් පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් පාපැදියේ ගමන්ගත් වයස අවුරුදු 65 ක් වු ක්‍රිෂ්ණන් රාජදුරෙයි නමැති
පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
වේගය පාලනය කර ගැනීමට නොහැකිවු ට්‍රැක්ටර රථය පාපැදියේ ගැටීමෙන් අනතුරුව
මාර්ගයක් අසළ කඩයක් තුළට ගොස් නැවතී ඇති බවද පොලිසිය පැවසීය.
ට්‍රැක්ටර් රථය කඩය තුළට ගමන් කිරීම හේතුවෙන් වෙළඳ සැළේ භාණ්ඩ රැසක්ද විනාශ
වි ඇති බවද පොලිසිය පැවසූහ.
අනතුර සිදුකළ ට්‍රැක්ටර රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර,සැකකරු යාපනය
මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ
වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන්
වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot