උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday 9 March 2020

රවී හැංගුනේ කොහේද ? තොරතුරු හොයන මෙහෙයුම.


රවී හැංගුනේ කොහේද ? තොරතුරු හොයන මෙහෙයුම.


බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ දක්වා දියත් කළ සියළු මෙහෙයුම් අසාර්ථක වී තිබෙනවා. එබැවින් අදාල මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම සඳහා අමතර කණ්ඩායම් කිහිපයක් යොමුකිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඊයේ දිනයේදී ඔහු අත්අඩංගුවට ගැනීමට පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණියද ඔහු එහි නොසිටි බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එමෙන්ම අද දිනයේද එම නිවසට පැමිණ විමර්ශන සිදුකළ ද රවී කරුණානායක මහතා පිළිබඳ කිසිදු හෝඩුවාවක් දැන ගැනීමට හැකි වූයේ නැහැ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගියදා වරෙන්තු නිකුත් කළා. ඒ අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙහෙයුම් ආරම්භ වුණේ. එහෙත් රවී කරුනානායක, කසුන් පලිසේන ඇතුළු බැඳුම්කර වංචාවේ සැකකරුවන් මේ වන විට සිය නිවෙස්වල නොමැති බව පොලීසිය පවසනවා. කෙසේ වුවද මෙම සැකකරුවන් අතුරින් බැඳුම්කර වංචාවේ අටවන සැකකරුවන මුත්තුරාජා සුරේන්ද්‍රන් ඊයේ දිනයේදී  අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

මේ අතර රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ නියෝජිතයින්ද අදහස් පලකළා. එක්සත් ජාතික පක්‍ෂ හිටපු මන්ත්‍රි පී.හැරිසන් මහතා පෙන්වා දෙන්නේ මෙය නීතිය ක්‍රියාත්මක කිරීමකට වඩා රජයේ මැතිවරණ ප්‍රචාරණ මෙහෙයුමක් ලෙස හදුනාගත හැකි බවයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot