උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 11 March 2020

බෝට්ටු කර්මාන්තය ශ්‍රී ලංකාවේ විනෝදාංශයක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.

බෝට්ටු කර්මාන්තය ශ්‍රී ලංකාවේ විනෝදාංශයක් ලෙස ප්‍ර‍වර්ධනය
කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.

ඉදිරි පස් වසර තුළ දළ දේශීය නිෂ්පාදනයට සමුද්‍රීය සංචාරක
කර්මාන්තයෙන් 11% සිට 23% ක දායකත්වයක්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, බෝට්ටු නිෂ්පාදන තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ආයතනය
සමග එක්ව බෝට්ටු කර්මාන්තය විනෝදාංශයක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීම යන මැයෙන් සම්මන්ත්‍ර‍යක්
2020 මාර්තු මස 04 වන බදාදා දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍ර‍ණ ශාලා
පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ බෝට්ටු කර්මාන්තය විනෝදාංශයක් ලෙස
ප්‍ර‍වර්ධනය කිරීමත්, බෝට්ටු භාවිතය වර්ධනය කිරීම හා අභ්‍යන්තර සහ බාහිර ලෙස වෙළඳපොල
ඉල්ලුම වර්ධනය කිරීමත්, බෝට්ටු කර්මාන්තය ආශ්‍රිත ගැටළු හදුනාගනිමින් නිෂ්පාදන හා සේවා
වර්ධනය කිරීමත්ය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන මහත්මිය මෙම
සම්මන්ත්‍ර‍ණයට එක්වෙමින් සඳහන් කළේ මේ මොහොතේ අපනයන ක්ෂේත්‍ර‍ට නව අරමුණක් තිබෙන
බවයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන

මහත්මිය

“අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍ර‍භාෂ් සුභසිංහ මහතාගේ
මගපෙන්වීම යටතේ අප අපනයන විවිධාංගීකරණයට අවශ්‍ය කටයුතු
සිදුකරමින් සිටිනවා . එසේම සාම්ප්‍ර‍දායික අපනයන මතම රඳා පැවතීම
නොකළ යුතුයි. ඒ අනුව බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය නැගී එන
කර්මාන්තයක් ලෙස ඉතා වැදගත්. ඔබ දැනටමත් දන්නවා ජාතික අපනයන
උපායමාර්ගයට අනුව ප්‍ර‍ධාන අපනයන ක්ෂේත්‍ර‍යන් හයක් හඳුනාගෙන

තිබෙනවා. බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය එහි එක් ක්ෂේත්‍ර‍යක්. ඒ අනුව
යමින් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය දැනුවත් කරමින් බෝට්ටු නිෂ්පාදන
ක්ෂේත්‍රයේ ඇති අවස්ථාවන් හඳුනාගනිමින් එය වර්ධනය කර ගැනීමට
කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මෙම ක්ෂේත්‍ර‍ය සංචාරක ව්‍යාපාරය
වර්ධනයට ද දායක කර ගැනීමේ විශාල විභවතාවක් අප සතුව පවතින බවත්
සඳහන් කළ යුතුයි. ”
මේ සඳහා බෝට්ටු කර්මාන්තය ආශ්‍රිත සියළුම පාර්ශ්වයන්ගේ සහභාගීත්ව දක්නට ලැබුණු අතර ඉදිරි
පස් වසර තුළ සමුද්‍රීය සංචාරක කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට තිබෙන දායකත්වය අවම
වශයෙන් 11% සිට 23% දක්වා දියුණු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන
කර්මාන්තය දියුණු කිරීමේ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ගාමිණී බී හේරත් මහතා
ප්‍ර‍කාශ කළේය. වැඩි දුරටත් අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෝකයේ අනෙක් රටවලට
සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සංචාරක ව්‍යාපාරයේ ස්වභාවය හා ඉදිරි සැලසුම් පිළිබඳ පැහැදිලි
කළේය.

බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීමේ ආයතනයේ කළමනාකාර
අධ්‍යක්ෂවරයා වන ගාමිණී බී හේරත් මහතා
“අද දවසේ සංචාරක ව්‍යාපාරය දෙස බැලූවිට පෙනෙන්නේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ පැමිණෙනවා.
වියට්නාමයේ සාමාන්‍යයෙන් සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ සියය ඉක්මවනවා. එයට මූලික හේතුව
සංචාරක කර්මාන්තය ආශ්‍රිතව අලුතින් සේවා රැසක් එකතු කර තිබීමයි...”
“අපි බලාපොරොත්තු වෙනවා අපනයනය දිරි ගැන්වීම වගේ ම සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම
කරන්නත්. ඒ නිසයි මෙම සම්මන්ත්‍ර‍ණය පැවැත්වුණේ. මේ සඳහා අපි ආරාධනා කළා රජයට හා
පෞද්ගලික අංශයේ නිෂ්පාදකයන්ට. අපට විශාල විභවයක් තිබෙනවා සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය
දියුණු කිරීමට. ඒ තුළින් දළ ජාතික නිෂ්පාදනයට ලැබෙන 11%ක දායකත්වය 58% දක්වා වැඩි කර

ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා රජයත්, පෞද්ගලික අංශයත් එක්ව ක්‍රියා කිරීම අපගේ මූලික
අරමුණයි.”
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට තිබෙන බාධා හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට
අවශ්‍ය නීති රෙගුලාසි සංශෝධනය ලක් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කරවන බව
සභාපතිවරයා තවදුරටත් පැවසීය. මෙම සම්මන්ත්‍ර‍ය සඳහා ආචාර්ය ඩියට්මාර් ඩෝයිරිං(Dr.Dietmar
Doering) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන, ශ්‍රී ලංකාවේ
බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීමේ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී බී හේරත්, පියරේ
ප්‍රින්ගියර්(Pierre Pringiers) නාවික කොමදෝරු ප්‍රියන්ත පෙරේරා, විජේන්ද්‍ර‍ පීරිස් ඇතුළු මහත්ම
මහත්මීන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot