උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020


කාසල්රි ජලාශයට මිරිදිය මත්ස්‍යය පැටවුන් ලක්ෂයක් මුදා හැරේ.
කාසල්රි ජලශයට මිරිදිය මත්ස්‍යය පැටවුන්  ලක්ෂයක්  මුදා හැරිම  (06) දින සිදු කලහ.
නුවරඑලිය ජාතික ජලජ ජිවි වගා සංවර්ධන කාර්යයාල යටතේ පාලනය වන නුවරඑලිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද ජයන්ට් කාෆ්ට්   වර්ගයේ මත්ස්‍යය පැටවුනුයි මෙසේ ජලාශයේ ආරක්ෂිත දැල් කුඩු වලට  මුදා හැරුණේ.
එම මත්ස්‍යය පැටුවුන්   එම ජලාශයේ සවි කර තිබෙන ආරක්ෂිත දැල් කුඩුවක් මත මුදා හැර එම මත්ස්‍යය පැටවුන් දින 45 ක කාලයක් ජලාශයට හුරු කර පසුව එම මත්ස්‍ය පැටවුන්  මත්ස්‍යය ඇගිල්ලන් ලෙස  වැඩුණු පසු ආරක්ෂිත දැල් කුඩුවලින් ඉවත් කර ජලාශයට මුදා හැරිමට නියමිතය .
මෙම මත්ස්‍යය පැටවුන් මාස 8 ක කාලයක් තුල කිලෝ 1 ½   ත්, 2 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බවත්, වසරක් වැනි කාලයක් තුල ජලාශයට මුදා හැරි මත්ස්‍යය පැටවුන් මෙන් දස ගුණයකින් මෙම ජයන්ට් කාෆ්ට්  මත්ස්‍යයින් බෝ වන බව ජතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යපෘති නිලධාරි  බුද්ධිය කුෂාන් මහතා කියා සිටිහ.
වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමටත්,ඔහුන්ට අඩුමිලකට මිරිදි මසුන් ලබා දිමටත් කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමේ අරමුණින් , කාසල්රි ජලාශයට මේ වන විට මත්ස්‍යය පැටවන් විශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවත් (06) දි ජලාශයට මුදා හැරි මත්ස්‍යය ඇගිල්ලන් සදහා ප්‍රතිපාදන කාසල්රි ජලාශයේ ධිවර සමිතිය මගින් ලබාදුන් බව බුද්ධිය කුෂාන් මහතා වැඩි දුරටත් කියා සිටිහ.










No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot